සිරිපා කරුණා මතක සටහන්

දීර්ඝ ඉඩෝරය නිමා කරලා වර්ෂාව ඇති කරවන්න තීර්ථ යාත්‍රිකයත් දායක වුනා..(සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාලා)..ඉතින් ඒ වර්ෂා තත්වය තව තවත් වැඩි කරන අදහසින් පිට පිටම මේ මාසයේ දෙවනි පෝස්ටුවත් දාන්නයි මේ සූදානම.. :D
තීර්ථ යාත්‍රිකයාගේ කුළුඳුල් සිරිපා ගමන ගැන මීට අවුරුදු දෙකකට කලින් පෝස්ටයන් තුනකින් විස්තර සහිත සටහනක් ලියවුනා..


අවුරුද්දක විරාමයක් තබලා මේ වසරෙත් තීර්ථ යාත්‍රිකයා තවත් යහලුවන් දෙදෙනෙකු සමඟ සිරිපා තරණය කලා පසුගිය මාර්තු මාසේ. ගියවර අත්දැකීම් වලින් දැනුමැති කම් යම්තාක් දුරට ලබලා තිබුන නිසා නිවැරදිව සියලු දේ කලමනාකරණය කරගෙන කිසිම හිරිහැරයක් කරදරයක් නැතිව ආපහු ගම්බිම් බලා එන්නට තීර්ථ යාත්‍රිකයායි සගයන් දෙදෙනායි සමත් වුනා.දීර්ඝ විස්තර සහිත සටහනක් තබලා පාඨකයන් වෙහෙසවන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.. :D.... පෝස්ටයේ අරමුන ගමන අතරතුරදී තීර්ථ යාත්‍රිකයා ලබාගත් ඡායාරූප කීපයක් බෙදාහදාගැනීමයි...


















Tuesday, May 29, 2012 by තීර්ථ යාත්‍රිකයා
Categories: , , , , | 6 comments

සීරියස් පොඩි එවුන්

අන්තිමට පෝස්ට් එකක් ලියලා තියෙන්නේ මාර්තුවල... බ්ලොගෙත් ටිකක් විතර වල් වැදිලා ගිහිල්ලා :D .
අපේ අක්කගෙ පොඩි එකා අල්ලපු ගෙදර එයාගෙ වයසෙම ඉන්න පොඩි එකිත් එක්ක තරහා වෙලා. අක්කගෙ පොඩි එකානං කියන්නේ “ඒකිගෙ පන්ඩිත කම වැඩියි“  කියලා ... :D  . පහුගිය අවුරුදු වල ඒ දෙන්නා එක්ක අවුරුදු උත්සව වලට ගිහිල්ලා, කිරි කෑම, බිත්තර ඇල්ලීම වගේ සෙල්ලම් වලින් දිනලත් තිබුනා. ඒත් මේ පාර අපේ පොර වර්ජනයේ.. පොඩි එකී ඇවිල්ලා අඬනවා අක්කා ගාව අපේ මනුස්සයාව යාලු කරලා දෙන්න කියලා..
ම්හු.... “ඔබ ඇමතූ දුරකතනය ප්‍රතිචාරයක් නොමැත“.... ඒකයි අපේ මෑන්ගේ ප්‍රතිචාරේ.. බැරිම තැනද කොහෙද අර පොඩි එකී බොහොම දුක්මුසු ලීලාවෙන් කැරකි කැරකි ඉඳලා ගියා.... ඒ කතාව එතනින් ඉවරයි...

හවස්වරුවේ අක්කා හිනාව බොහොම අමාරුවෙන් හිරකරගෙන ඇවිල්ලා මට පොඩි එකාගෙ පොතක් පෙන්නුවා..ඒකේ අර පොඩි එකී මොනවද කුරුටු ගාල ගිහිල්ලා..ඒක බලපුවාම අක්කටයි මටයි හිනාව පිපිරිලා දෙගොඩතලා ගියා.....


මෙච්චර සිරා බරසාර වැකි ලියන්න පොඩි උන් කොහෙන් පුරුදුවෙනවද මංදා ? :D

අක්කගේ පොඩි එකා තාම මේක දැකලා නෑ.. ඌ සාමාන්‍යෙන් පොතක් අල්ලන්නේ යලට මහට. අපි කතාවුනේ  බැරිවෙලාවත් ඉස්කෝලෙ ගියවෙලාවෙ ගුරුවරයෙක් මේක දැක්කනං අපේ මෑන්ට හෙන නඩුවක් වැටෙනවා කියලා.....


Wednesday, May 23, 2012 by තීර්ථ යාත්‍රිකයා
Categories: , , | 21 comments

බ්ලොග් කරණයේ දෙවසරක්.. 2 Years in blogging and good old days

මෙම ලිපිය හොඳින්ම වලංගු වෙන්නේ පහුගිය මාසයට නැතිනං පෙබරවාරි මාසයට වුනත් ලියන්න ගත්තේ අද. :D . කාලය යන විදිහට ගෙවිලා ගිහිල්ලා මේ වෙනකොට තීර්ථ යාත්‍රාවට අවුරුදු දෙකක් පිරිලා හමාරයි.ඒක ඒ තරම් කියවන්නවත් සමරන්නවත් දෙයක් නොවුනත් කාලෙකින් බ්ලොගයේ මුකුත් ලියවෙච්චි නැති නිසා ඒ විස්තරෙත් පදනම් කරගෙන තීර්ථ යාත්‍රිකයාගේ අන්තර්ජාල ඉතිහාසයේ අත්දැකීම් ගැන පෝස්ටයක් ලියන්න හිතුනා.

තීර්ථ යාත්‍රාව කියන්නේ තීර්ථ යාත්‍රිකයා ආරම්භ කරපු තුන්වෙනි සිංහල බ්ලොගය.ඒ වගේම හරියට දිගටම පවත්වගන ආපු එකම සිංහල බ්ලොගය.එතකොට තීර්ථ යාත්‍රිකයාට මව්බසින් බ්ලොග් ලියන්න හිතුනේ ඇයි ? කියන එක ,ඒකට නම් උත්තර අදටත් නෑ..නිකංම හිතුනා කියන්න තමයි වෙන්නේ.

Thursday, March 8, 2012 by තීර්ථ යාත්‍රිකයා
Categories: , , , | 32 comments

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා....

පරණ ,ටිකක් වයසක උදවියත් එක්ක කතාබහ කරන එක විනෝද ජනක වැඩක්.මොකද ඒ අය ගොඩක් වෙලාවට කියන්න පෙළඹෙන්නේ ඒ කාලේ ඒ උදවියක කරපු කියපුවා එහෙමත් නැතිනම් අහපුවා.මේ කතා සවන් දෙන්නාගේ සිත ඇදගන්නා සුලු විදිහට ලුණු ඇඹුල් දාලා රසවත් වෙන්න කියන්න ගොඩක් වයසක උදවිය හරි දක්ෂයි.මේ අතරේ කයිවාරු කාර වගේම ගජබින්න දිග අරින සීයලත් ඇති පදං ඉන්නවා.තීර්ථ යාත්‍රිකයත් මේ වයසක පහේ උදවිය කියන කතා,කයිවාරු අහන්න බොහෝම ආසයි. සමහර වෙලාවලට ජීවිතේට අහලා නැති සිදුවීම්, කවි වගේ දේවලුත් කතාබහ කෙරෙනවා. ඒ වගේම තවත් පැහැදිලි වෙච්චි කාරණාවක් තමයි ඉස්සර කාලේ ඒ උදවියගේ ජීවිත ගෙවිලා ගිය බොහෝම සැහැල්ලු විදිහ සහ අද වගේ අනවශ්‍ය විදිහට හැමදේට ම සංස්කෘතිය ඇදගන නටන කතිකාවතක් ඒ දිනවල නොතිබුන බව.
තීර්ථ යාත්‍රිකයාගේ මව්පාර්ශවයේ පරම්පරාගත ගම තමයි කොබෙයිගනේ ප්‍රදේශය.එහෙ ගියවෙලාවක තීර්ථ යාත්‍රිකයාගේ ආදරණීය ලොකු අම්මාගෙන් තමයි මෙන්න මේ කියන පුංචි රසවත් කතාව තීර්ථ යාත්‍රිකයාගේ කණට වැටුනේ.
ඒ කාලේ තිබුනේ ඉස්කෝලයි, හිටියේ ඉස්කෝලෙ මහත්තුරුයිනේ. ගොඩක් වෙලාවට විදුහල්පති තුමා නැතිනම් මුල්ගුරුතුමාත් පංතිවලට උගන්නනවා.මේ උදවිය හොඳට හොඳයි,නරකට නරකයි.ඒ වගේම මොකක් හරි මගොඩි වැඩක් කලොත් දඬුවම් සැරයි.ඉතිං ඒ අතීත කාලේ තීර්ථ යාත්‍රිකයලාගේ සීයා කෙනෙකුත් මේ ගමේ ඉස්කෝලෙට තමයි ගිහිල්ලා තියෙන්නේ.මේ සීයා ටිකක් විතර නහට අහන්නැති කිපෙන සුලු චරිතයක් බවයි දැනගන්නට ලැබුනේ.එක්තරා දවසක පන්තියට උගන්වන පන්තිභාර ආචාර්ය තුමා පාසලට වාර්තා කරලා නැහැ.අද වගේ නෙවෙයි ඒ කාලයේ ගුරුවරු හිඟ නිසා ගොඩාක් පන්තිවල සියලුම විෂයන් උගන්වලා තියෙන්නේ පන්ති භාර ආචාර්යවරයාමයි.ඉතිං පන්තිබාර ගුරුතුමා පාසලට වාර්තාකලේ නැහැ කියන්නෙ එදා දවසම ළමයින්ට, අපේ භාෂාවෙන් කියනවා නම් සුපිරි බුල කෙලිල්ලක් තමයි.ඉතිං සීයලත් තමන්ගේ වගකීම හොඳින්ම ඉටුකරලා තියනවා.වහලේ උලු උඩ යනවලු කෑගැහිල්ලට.සද්දය ඉවසන්න බැරිම තැන මුල් ගුරුතුමා ඇවිල්ලා අල්ලගන්න පුලුවන් වුන කීපදෙනාට වේවැලෙන් හොඳටම සංග්‍රහ කරලා මොකක් හෝ වැඩක් පවරලා ගිහිල්ලා. ඒ ටික වෙලාවකින් ආපහු එන බව පවසමින්.
කෙලි සෙල්ලමෙන් ගතකරන්න පුලුවන් දවසක් මුල්ගුරුතුමා නිසා අලවෙන බව තේරුං ගියත් බය නිසාම කට්ටියම මීයො වගේ වැඩේ කරලා ඉන්නකොට විදුහල්පතිතුමා ආපහු පන්තියට වාර්තා කරලා කට්ටියගේ වැඩ කටයුතු බලන්න.ඊටත් පස්සෙ නියම කලාලු එක එක්කෙනාට නැගිටලා පන්තියටම ඇහෙන්න කවිය කවිය ගානේ කියන්න.
දැන් හැමෝම තම තමන්ගේ හැකියාව අනුව කවිය බැගින් කියමින් යද්දී අපේ සීයාගේ අවස්ථාවත් උදාවුනා.සීයත් පැකිලීමක් නැතිව මුලු ඉස්කෝලෙට ම ඇහෙන විදිහට ඇදලා පැදලා මෙන්න මේ කවිය කියන්න පටන්ගත්තා (ලු) (මේ කවිය තීර්ථ යාත්‍රිකයා මුල් වරට ඇහුවේ එදාමයි.)

අන්දර කැලේ දර ලීයේ                   කුරුමිණියා
බිම්බර මලේ තුඩ නෑරම රොන්              ගනියා
තන්තිරි ගසන ලෙස හැඬුවේ            කුරුමිණියා

මේ විදිහට පද තුනක් බොහෝම ලයාන්විතව ගායනා කරපු සීයා හදිස්සියේම මුල්ගුරුතුමා ගැන හිතට ආපු කෝප සිතුවිල්ලෙන් අන්තිම පදේ ගැලපුවාලු මෙහෙම

 ඒකා තමා තොපෙ අම්මගේ  හොර        මිනිහා.....

මේ විදිහට අන්තිම පදේ කියලා ඉවරවෙද්දි,පාසලම හූ හඬින් ගිගුම් දෙද්දි,මුල්ගුරුතුමා පාෂාණිභූතවෙලා බලාන ඉද්දි, තව දුරටත් හිටියොත් තමන්ගේ තත්වය සෝචනීය වෙනවා කියලා තේරුම් ගත්ත සීයා පොත් ටිකත් කිහිල්ලේ ගහගන කොට බිත්තියෙන් පැනලා දුවපු පිම්ම නැවතුනේ ගෙදර ගියාට පස්සෙ බවයි ලොකු අම්මාගෙන් තීර්ථ යාත්‍රිකයාට දැනගන්නට ලැබුනේ......


Tuesday, January 31, 2012 by තීර්ථ යාත්‍රිකයා
Categories: , , , , , | 19 comments

STOP SOPA

Thursday, January 19, 2012 by තීර්ථ යාත්‍රිකයා
2 comments

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිරදුන් සමරමු

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අභිරහස් ලෙස අපවත් කර අදට වසර අටකි. හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්පත්වේවා !!!


---------------------------------------උපුටා ගැනීම සිංහල විකිපීඩියාවෙනි-------------------------------------------------
2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී මහරගම, විජේරාම ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම සදහා රුසියාවට වැඩම කළසේක. එහිදී උන්වහන්සේට ඇතිවු හදිසි හෘදයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස්හි රෝහලකට හදිසියේ ඇතුල් කරන ලද අතර එහිදී උන්වහන්සේගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් වසර 56 ක ආයු වළදා අපවත් වූහ.
උන්වහන්සේගේ අපවත් වීම නිසා ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුළ සැක සංකා මතු කරන්නටද හේතු විය.
බොහෝ දෙනා මෙය ක්‍රිස්තියානි මුලධර්ම වාදයෙන් සිදු කරන ලද මරණයක් ලෙස විශ්වාස කරති. එම නිසා මරණය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී.මෙම කොමිසම මගින් මරණ පරීක්ෂණ දෙකක් පවත් වනු ලැබු අතර මෙම කොම්සමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එමෙන්ම එක් කොමිසන් සාමාජිකයකු පැවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි
------------------------------------------------------------------------------------------------------------------------------------

Monday, December 12, 2011 by තීර්ථ යාත්‍රිකයා
Categories: | 4 comments

සඳ සාක්ෂි දීම | Even moon can be a witness

“හොඳ කරන්නාට හොඳ ප්‍රථාපල සහ නරක කරන්නාට නරක විපාක“ මේ කියමන හුඟාක් පරණ කියමනක් වගේම ලෝකයේ එක්තරා ධර්ම තාවයක් ගැන ඉඟි කරන්නක්. ඔබ කරන්නේ හොඳක් වේවා නරකක් වේවා එහි ප්‍රථිපල ඔබට නිසි කාලයේදී ලැබේවි, ඔබ කැමති වුනත් අකමැති වුනත්. මේ ආකාරයට පෝස්ටය පටන්ගැනුනේ ළඟදී දිනයක තීර්ථ යාත්‍රිකයාට අහන්න ලැබිච්චි, කාලෙකට කලින් සිදු වෙච්ච සත්‍ය කතාවක් නිසයි.කතාවට පදනම් වෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ මව් පාර්ශවයේ නෑදයන්ගේ ගම් පළාත වෙච්චි කොබෙයිගනේ ප්‍රදේශය.

සිදුවීමට අදාල චරිත ජීවතුන් අතර නැහැ වර්තමානයේදී, ඔවුන්ගේ දරු පරම්පරාවල අයත් අන්තර්ජාලය භාවිතා නොකරන බව මට කතාව කියපු කෙනා තහවුරු කල නිසා අදාල පුද්ගලයාගේ නියම නමින් නොව ඔහුට භාවිතා කරන කුප්‍රකට අනවර්තනාමයෙන් මම කතානායකයාව හඳුන්වන්නම්.

Wednesday, November 30, 2011 by තීර්ථ යාත්‍රිකයා
17 comments